À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑහතරවැනි කොටහා

A+ A-

ඊයේ හරියට පාඩම් කරන්න වුනෙත් නෑ. මදැයි පාන්දර දෙකට නැගිටලා පාඩම් කරන්න කියලා හිතුවා. බැලින්නම් හාමු මහත්තයා ඒක වහලා දාලා.  දැන් ඉතින් කලින් පාඩම් කරපු මතකෙයි ඊයේ පාඩම් කරලා ඉවර කර ගන්න පුළුවන් වුණු ටිකෙනුයි තමයි ලියන්න වෙන්නේ.

” උබ මොකේද ඉන්නෙ මන් 103 ශාලාවෙ බන් “

” මන් 104  “

ටික්කයි මමයි ශාලා දෙකකට වැටිලා තියෙන්නේ. අද නම් තියෙන්නේ මට මන් ආසම විෂය හැබැයි. හරියටම අටට දුන්නු පේපරේ එකොළහ වෙද්දී ඉවර කරන්න පුළුවන් වුණත් හරි මන් ඉක්මනට ආවේ එළියට.

” වැඩද බන් උබට අදත් “

” ඔව් බන් දොළහ වෙනකොට අපි එහෙ ඉන්න ඕනී. හෙට දේශනේ කීයටද තියෙන්නේ උබට “

මන් ඔහේ ඇවිදන් ආවේ ගේට්ටුව ළගට වෙනකම් ආලි එක්ක. හස්තික නැත්තම් ආලි කියන්නේ මගෙ අනිත් යාලුවා. මගෙ යාළුවො කීප දෙනෙක්ම දැන් දන්නවා මන් වැඩ කරන්නේ පොලීසියේ කියලා.

” තුනට තියෙන්නේ. ඇයි බන් “

” මේ පොත ටික්කට දීපන්කො. හෙට මට එන එක ෂුවර් නෑ ඒකයි “

ඉක්මනට යන්න ඕනී නිසා මන් නැග්ගේ එහෙන්ම බස් එකට. අපෝ කොන්දා කෑ ගහනවා දොර ළගින් මෙහාට්ට එන්න කියලා. මන් කොහොම ආයේ එහාට්ට වෙන්නද මෙතන තව කෙල්ලෝ රොත්තක් ඉද්දි. ඉන් පස්සේ උන් කිව්වොත් වත් අරහෙන් මෙහෙන් අල්ලන්න එනවා කියලා ගුටිත් කන්න තමයි වෙන්නේ මට.

” ඔය උස මලයට සිංහල තේරෙන්නැද්ද. මෙහාට්ට එන්න කිව්වම . ඇදගෙන වත් වැටුනොත් දොරෙන් එළියට අපිට ඒකටත් වග උත්තර බදින්න ඕනී “

මන් ඉතින් කෙල්ලෝ ටිකගේ අස්සට ඇවිල්ලා නයි මල්ලත් උඩට දාලා ජනේලෙන් එළියේ බලන් හිටියෙ ආයේ වටපිට වත් බලන් නැතුව. මේ වගේ වෙලාවකට තමයි රියදුරු බලපත්‍රයක් තිබ්බ නම් කියලා හිතෙන්නේ. මයෙ හාමු මහත්තයාට රෝද හතරේ එකක් තියෙන නිසා මන් රෝද දෙකෙ ලොකු බයික් එකක් ගන්නවා. එතකොට මෙහෙම චප්ප වෙවී එන්න ඕනිත් නැහැනේ.

” නවයේ කණුව “

කොන්දා දුන්නු ටිකට් එකත් සාක්කුවේ ගහන් මන් ආයේ වැටුනේ කල්පනාවකට වෙද්දී කැසට් එකේ යන සින්දුව නිසා මට මතක් වුණේ. මයෙ හාමු මහත්තයා ව. මතකද හැන්දෑවේ කියන සින්දුව දැන් තමයි හදවතටම දැනෙන්නෙ. වැස්සේ තෙමෙනකොට දැනෙන අමුතුම හැගීම නම් ඇත්තටම පිස්සුවක් වගේ.  කොච්චර ඇගේ වේලි වේලි වැස්සේ තෙමුනත් ඇති වීමක් නෑ.

” අයියෝ මට බෑ බන්. දැන් නම් ඇස් දෙකට ගල් ගෙඩි දෙකක් දාලා වගේ “

” කරහන් ඔය ටික. විනාඩි විස්සයිනේ ඉන්න තියෙන්නේ තව “

හවස තේ වෙලාව තුන මාරට තමයි මෙහෙ දෙන්නේ . එතකම් මේ දමියට ඉන්න බෑ පුදුම කම්මැලි කමක් තියෙන්නේ.

” විහා මැණිකෙ…. අම්මා මොනාත් එව්වේ නැද්ද සුද්දහා “

” නෑ බන්. අම්මා ගියා අද අප්පච්චි එක්කලා ලොකු අම්මලා දිහා. ඇයි තොගේ ඇමති පුතා මොනවත් එව්වේ නැද්ද බන් අපිටත් එක්ක “

” යකෝ ඌ පෙරේදා කොළඹ ගියපු පාර තාම ආවේ නෑ හිකනල් පැටියා. අඩුම තරමෙ මාව හරි බලලා යන්න එන්නකෝ. එහෙම වත් නෑ. මාත් ඉදලා ඉදලා කර ගහ ගත්තනේ ඉතින් මේ වගේ හොතම්බුවෙක්. මාව බලන්න ආපු දවසට මට මොකවත් ගෙනාවේ නැත්තම්නේ මන් බලා ගන්නෙ. එතකොට තොපිලටත් මන් මොනා හරි ගේන්නම් ඉතින්. දැන් අඩන් නැතුව ඉදින් “

තේ වෙලාව දුන්නත් හරි මායි දමියයි සල්ලිත් එකතු කරන් ගියේ ටිකක් එහාට්ට වෙන්න තිබ්බ කෑම කඩේකට මොනා හරි කන්න දෙයක් ගන්න.

” බිත්තර පැටිස් දෙකයි උළුදු වඩයයි මාළු පාන්ගෙඩි දෙකයි. මේ චොකලට් බෝල පැකට් එකකුත් දාන්න “

චොකලට් බෝල පැකට් එකට මන් වෙනම සල්ලි දීලා වෙන මල්ලක් ඇතුළට ඒක ඔබා ගත්තා.

” මටත් උබ වගේ කවදා අප්පච්චියෙක් වෙන්න පුළුවන් වෙයිද දන්නෑ “

” හරි හරි අරකට කියපන්කෝ ඕක. කොහෙන් හරි ළමයෙක් ගෙනල්ලා දෙයි උබට නලව නලව ඉන්න “

” එකෙක් නම් මදි බන් තුන් දෙනෙක් වත් හදා ගන්න හොයා ගන්න ඕනී. අපේ අප්පච්චි කැමති වෙයිද දන්නෑ එයාට බෑනා කෙනෙක් මන් ගෙනල්ලා දෙනවට හැබැයි “

ඒක නම් කියන්න බෑ හැබැයි. දමියගේ අප්පච්චිට හරිම මරුමුස් පාටක් තමයි තියෙන්නේ. අකමැති වෙයිද දන්නෑ කොහොමත් එයාගේ එකම පුතා කොල්ලෙක් එක්කලා පටලැවුණු එකට.

” විල්ලෙගේ කෙස් එකත් හරිද බන්. අපි අද රෑටත් යන්න ඕනිද එහාට්ට “

” නෑ අද විල්ලෙගේ තැනට යන්න ඕන්නෑ. ඌ බඩු ගේන්න යන තැන අද බලා ගමුකො “

තේ බීලා ඉවර වෙලා අපි තුන් දෙනාම වාහනේට නගිද්දී දමියයි තව කොල්ලෙකුයි බයික් එකකින් අපි පස්සේ ආවා.

” මෙතන නතර කරන් ඉන්නවද විහා. අපි දෙන්නා පොඩ්ඩක් ගිහිල්ලා බලාගෙන එන්නම්. මන් ඕකට පණිවිඩයක් එව්ව හැටියේ වාහනේ ස්ටාට් කරගෙන බයික් එක පිටිපස්සේ එන්න “

දමියගේ පිටිපස්සේ හිටපු විජේ වාහනේට නගිද්දී මන් බයික් එකට නැගලා දමියා එක්කලා ගියේ කැලෑවකට වැටෙන අතුරු පාරකට.

” ඌයි හෙමීට කරපන්කෝ බන් “

” හිටපන් කෑ ගහන් නැතුව. තොට මන් කිව්වා එච්චර දුර‍ට යන්න ඕන්නෑ කියලා. කොහෙද ඉතින් අපි කියන දෙයක් අහන්නෑනේ උබ. දැන් ඌයි ආයි ගගා කෑ ගහපන් තව ටිකක් “

මන් කටු කම්බි වැටකින් රිංගලා තව තව ඇතුළට යන්න ගනිද්දී අඩි හඩක් ඇහුණු නිසා දමියා ඉන්න තැනට කම්බි වැටෙන් රිංගලා යන්න හැදුවට මොකද මයෙ නළලේ පැත්තක් ඇනුනා කූරකට. ටිකක් දුර‍ට ඇවිල්ලා වාහනෙත් නතර කරලා තමයි දමියා ඇවිල්ලා මයෙ නළලට බෙහෙත් දැම්මේ.

” උන්ට සැක හිතුන්නෑ නේ නේද “

” නෑ සර්. කෝකටත් කියලා අපි ටික එතැනින් ඉක්මනට ආවා “

රන්දුනු සරුත් ඇවිල්ලා අපේ කේස් එකයි අනිත් කණ්ඩායම් වලටත් භාර දුන්නු කේස් ගැනයි හොයලා බැලුවා. ගයාන් සරුත් නැති නිසා අලුත් කෙනෙක් පත් කර ගන්නකම් පහළ කොටසේ වැඩ බලන්නෙත් රන්දුනු සර්.

” විල්ලෙ දැනට යන්නෙ මේ තැන් දෙකට තමයි බන් “

” තව ටික දවසක් යනකම් බලමුකෝ මූ ආයේ කොහෙටද බඩු ගෙනියන්නේ කියලා “

අපි ඇද ගත්තු දළ සිතියම් සටහනේ තැන් දෙක රතු පාටින් ලකුණු කරලා ඕනී කරන දත්ත ටික එකින් එක බලන්න ගත්තෙ හතර පස් දෙනා එක්ක.

” ඔයිට වඩා දෙයක් වුණා නම් නිලූෂ. පොඩ්ඩක් තමුන් ගැන ඔයිට වඩා සැලකිලිමත් වෙන්න දරුවෝ. ගෙදර ගිහිල්ලා දා ගමු බෙහෙත් ටිකක් “

” හරි හරි පරිස්සම් වෙන්නම් හාමු. මයෙ හාමු මන් මේ රියදුරු බලපත්‍රයක් ගන්න කියලා හිතන් ඉන්නෙ. මට බයික් එකක් තිබ්බොත් හොදයි “

මන් පහට වැඩ ඇරිලා ගේට්ටුව ළගට එද්දි හාමු ඇවිල්ලා හිටියා. නුරාදට නම් පිටිපස්සේ ශිට් එකේම හොදට නින්ද ගිහිල්ලා යට කොටේ පිටින්ම. රස්නි නිසා හාමු මොට්ටසෝරි ඇදුම ගලවන්න ඇති කොල්ලගේ

” යනින් ගමන්ම ඩිපෝ එකට කතා කරගෙනම යන්ද “

” ඔව් නේද. මට එතකොට ඉක්මනට පුරුදු වෙන්න යන්න පුළුවන්නේ “

අපි එහෙන්ම වාහනෙත් හරවලා ගියේ ඩිපෝ එකට. ෆොටෝ කෑලි ටික නම් හෙට දෙන්න පුළුවන් කියලා මන් මට දුන්නු කොළේ පුරවන්න ගත්තා. බයික් එකට දවස් දෙකක් ඇති. ඒක දමියගේ බයික් එක අරන් පුරුදු වෙනවා. වීල් කට්ටට දවස් පහයි. වෑන් එකට දවස් දොළහයි. බර වාහන ඕනී නෑ. සැහැල්ලු වාහන ඇති. ඒ වැඩෙත් ඔක්කොම ටික කරගෙන ක්වාටස් එක ළගට එද්දි හයටත් කිට්ටුයි.

” බයික් එකකුත් ගමුද අපි ම්…..  අම්මගේ රත්තරන් බඩුත් තාම තියෙනවා වලව්වේ. ආයේ ඕවා තියෙන එකේ එහෙම දෙයක් හරි ගන්නවා නම් වටිනවනේ. බැංකු පොතට දැම්ම තේ වත්තෙ සල්ලිත් ඉතිරි “

” ගත්තා නම් හොදයි තමයි හාමු “

වාහනෙන් බැස්ස මන් පිටිපස්සේ නිදන් හිටපු පැටියවත් අත් දෙකට අරන් යන්න හදද්දී පැටියත් ගැස්සිලා නැගිටලා ඉන්නෙ කොහෙද කියලා බලනවා.

” තු ති අප්ප ත්ති අම්බූ පතියත තා තුත්තක් බයි මත වදේ අ ලේ….. “

” ඔය නිදියෑවා මදැයි. යන්න චූටි අප්පච්චි එක්කලා ගිහිල්ලා ඇග හෝද ගන්න වතුර තව සීතළ වෙන්න කලින්”

පැටියා නම් ඇසුත් පොඩි කරගෙන තවත් මයෙ අස්සේ තුරුල් වුණා. ඒත් මන් කෙලින්ම අපේ නිදි රාළව ගෙනිච්චේ ටැංකිය ළගට සපත්තු දෙකත් ගලවලා.

” ආ…. අයි ඒත දම්මේ… ඔලා නාකයි අප්පත්ති. පතියත සල කන්ත අමාලුයි. මත්ති කාල්ල සෝදා දෙන්තකු…. “

” හරි හරි ඒ මිරිස් කෑල්ලක් ඇනිලා නුරාද. කෝ කට අරින්න කුණු කුණු ගාන් නැතුව “

මන් ගේ අතු ගානකම් හාමු කෝට්ටකුත් ළග තියන් පැටියට බත් කවනවා. මන් නම් පැටියට මාළු මස් නම් හෝදලා දෙන්නේ. මූණ දකිද්දී මට පව් කියලා හිතෙනවා. සුදු මහත්තයත් නුරාද ළගින්ම හාන්සි පුටුවේ ඉදන් හිටියත් පැටියට ගානක් නෑ ඒ ගැන වත් . ඒ තරමට කොල්ලා හාමුගේ මූණින් බත් එකටයි බත් එකෙන් හාමුගේ මූණ දිහාටයි බල බල ඉන්නවා.

” වතු තුත්තක් විතල ඕලි වදේ අප්පත්ති දන් නම් “

” වතුර දෙන්නම් මේ ටික ඇටයක් නෑර ගිල්ලට පස්සේ  “

මන් ආසම විදිහට මයෙ හාමු මහත්තයා තවුසි කොළ හදලා තියෙද්දී මන් පිගන් දෙකක්ම බෙදාගෙන කෑවා. පැටියට නම් කැවිලා වැඩි වෙලාද කොහෙදෝ බඩත් එළියේ දාන් චොකලට් බෝල කකා ටීවී එක බලනවා හාමුගේ ඇගටත් හේත්ති යක් දාන්.

” අයියූ තූති අප්පත්ති මාල වදේනේ හලු උනෙ “

” ඇයි මොකක්ද ආයේ කාත් එක්ක හරි රණ්ඩු කර ගත්තද පැටියා “

හාමු නැගිටලා කාමරේට ගියාට පස්සේ තමයි පැටියා වටපිටත් බල බල මයෙ ඔක්කෙත් ඉදගෙන මට එහෙම කිව්වේ.

” නා නා අලේ. හෙත එනෝත  අප්පත්ති එත්ත එන්ත කීලා තීත කුව්වා තූති අප්පත්ති . මාල වදේ… අලේ තූති අප්පත්ති ඔලා එන්තකු. අප්පත්ති සා දානෝනේ මත “

” ඒ සැර කරන්නේ පැටියා නරක වැඩක් කරොත් විතරයිනේ. නැත්තම් මයෙ පැටියට අප්පච්චි කොච්චර ආදරේද ම් “

” ඕ ඕ අප්පත්ති මත ගුදාත් ආදලෙයි තමා තූති අප්පත්ති. එලා ඉතින් මත සා දානෝනේ. අලේ තූති අප්පත්ති ඔලා හෙත එන්තකු……. “

මයෙ කරට අත් දෙකත් දාන් ඔක්කේ දගල දගල කියවන විදිහට මූණ දිහා බලන් බෑ කියන්නත් බෑ. මට හෙට පාන්දර හතරට විතර යන්නත් තියෙනවා වැඩට.

” හරි එහෙනම් ටිචට කියන්නකෝ අප්පච්චි දොළහා වෙන්න කලින් ඇවිල්ලා හම්බෙන්නම් කියලා හොදද “

” අම්බූ අති යාත්තල් අලේ…. මන් බා වෙලා හිතියේ අයියූ ගුදාලියත් . මේ ඔයාත බලිත තූති අප්පත්ති තුත්තක් විතල අල කවිතත සා කලන්ත. එලා ගුදක් මතයි සාහුල්තයි කාද කලතවා අලේ….”

මයෙ හාමු මහත්තයා අපේ කාමරේ අතු ගාලා අපි නිදා ගන්න තැන් හදන කම් මන් නුරාදවත් වඩා ගෙන සාලේ ඇවිද ඇවිද නිදි කරවන්න ගත්තෙ පිටට හෙමින් හෙමින් තට්ටුත් දදා. එතකොට තමයි පැටියට හොදට නින්ද යන්නෙ. නුරාද ළගින් එන කොලෝන් සුවදයි බේබී ක්‍රීම් සුවදයි එක්කලා මට පැටියව තවත් ඉඹින්න හිතෙනවා. චූටි අප්පච්චි ගේ පුංචි රෝස මල හැමදාම මෙහෙම ඉන්න ඕනී චූටි අප්පච්චි ළගම.

” චූටි අප්පච්චි පැටියට ඕන් නින්ද ගිහිල්ලා “

” ඇද හරි ගැස්සුවාද හාමු “

” ම්… ගිහිල්ලා තියෙන්න. මන් මූණ හෝදන් එන්නම් “

පැටියගේ කම්මුලටයි මයෙ කම්මුලටයි හාද්දක් දීපු මයෙ හාමු මහත්තය සරමත් කැහැපොට ගහගෙන ගියේ කුස්සියේ පැත්තට.

අලුත් ගෙදරට නම් අපි තුන් දෙනාටම නිදා ගන්න පුළුවන් විදිහට ලොකු ලී ඇදකුයි තව කාමර දෙකකටයි ඇද වල් දෙකකුයි හදන්න දාලා තියෙන්නේ. අපේ පුංචි වීරන්කෙඩුව වලව්ව. වලව්වේ අල්ලපු වැටේ වුණත් ඒකත් ඉස්සර ඉදලම වලව්වට අයිති කෑල්ලක් කියලා නේ කියන්නේ ඉතින් ඔය . ඒ නිසා පුංචි වීරන්කෙඩුව වලව්ව කිව්වට මොකද වෙන්නේ. අනිත් මහා වලව්ව වගේ තට්ටු දෙකේ එකක් නොවුනත් මායි හාමුයි සාමාන්‍ය ලොකු ප්‍රාමාණයේ ගෙදරක්‌ තමයි හැදුවේ. ඇතුළේ කුස්සි කෑල්ලට අමතරව අපි එළියෙනුත් පොඩි කුස්සි කෑල්ලක් හැදුවා ලොකු වළං මැස්සකුත් හොද වර්ගයේ ලී වලින් හදාගෙන . පිටිපස්සේ කුස්සි කෑල්ලේ මිදුලේ ඉද ගන්න ලී බංකු පුටු වගයක් හදලා  මැදින් පුංචි ලී මේසයක් දැම්මා. ඒක තෙමෙන්නැති වෙන්න පොඩි වහල කෑල්ලකුත් හදලා හිට්ටවලා තියෙන ලොකු කණු පහට නිල් කටලොරුයි සුදු කටලොරු මල් වැලුයි හදලා තියෙන්නේ දැන් .

  අපේ පුංචි වලව්ව ඉස්සරහ මිදුලටත්  ලොකු ඔන්චිල්ලාවක් දැම්මා  මහ වලව්ව වගේ.  අපේ වාහන දාන්නත් පැත්තකින් පොඩි මඩු කෑල්ලක් හදලා තියෙන්නේ. නාන තැන නම් ටිකක්‌ එහාට්ට වෙන තියෙන ළිදම ගත්තා සුද්ද බුද්ද කරලා.   එතැන හරි සනීපයි.

” අටට විතර ගියා නම් ඇති නේ උබට “

” අපෝ ඇති බන්. මේ ටිකත් අපිට ඉවර කර ගන්න පුළුවන් වෙයි කොහොම හරි දැන්ම “

වැඩ ගොඩ ගැහිලා තිබ්බා වුණත් අටට විතර යන්න එපැයි පෙර පාසලට. ඇයි දන්නෑ ටීච එන්න කිව්වේ අපිට. දමියා එක්කම එයාගේ බයික් එකේ ඉක්මනට ගිහිල්ලා එනවා මන්.

” උබත් ඇවිල්ලා ඔන්චිල්ලාවක් හරි පැද පැද ඉදපන් මන් ගිහිල්ලා එනකම් “

” හරි හරි උබ වරෙන්කො ඉක්මනට “

දමියා ඔන්චිල්ලා පැත්තට යද්දි මන් ගියේ පන්තිය ළගට. ටීච උගන්නන්නවා වගේ. නුරාද කොතන ඉන්නවද මන්දා. ඔක්කොම ළමයි තලේ එයාව හොයා ගන්න බෑ.

” තීත ආන් කාදෝ අවිල්ලා “

” සර් එන්න ඇතුළට එළියේ ඉන්නැතුව “

ටීච අඩ ගැහැව්වත් හරි මන් ගුරු මේසේ ළගට ගියේ ළමයි ටික දිහාටත් බැල්මක් දාලා. හප්පේ මේ ඉස්සරහම පේළියෙ ජනේලේ අයිනේ ඉන්නෙ මයෙ පැටියා දිලිසි දිලිසි පැන්සලත් කටේ දාන් මන් දිහා බලාගෙන. පුංචි බටු ඇටේ මයෙ. කොල්ලගේ ඇස් දිලිසෙනවා  මාව දැකලා .

” තෙරුවන් සරණයි ටීච“

” තෙරුවන් සරණයි සර්. වාඩි වෙන්නකෝ සර් ඉස්සල්ලාම පුටුවෙන්.. මේකයි සර් බ්‍රහස්පතින්දා නුරාදට තමයි දවල් කෑම ටික පෙර පාසලට ගේන්න තියෙන්නේ. පුළුවන්ද සර්ට එදාට ගේන්න නැත්තම් වෙන දවසක් දාන්නද “

” ටීච බ්‍රහස්පතින්ද නම් අයියටයි මටයි දෙන්නටම වැඩ. සිකුරාදට පුළුවන් වෙයිද “

අම්මේ හොද වෙලාවට. මන් හිතුවේ පැටියගේ මොකක්‌ හරි ජරමරයක් නිසා අපිට එන්නයි කිව්වා කියලා. නුරාදත් බය වෙලා හිටියෙ ඊයේ ටීච අපිට හම්බෙන්න එන්න කිව්ව නිසා.

” හරි එහෙනම්. සිකුරාදා එකොළහ වෙද්දී ගේනවද කෑම ටික. ළමයින්ට එකොළහමාර වෙද්දී නේ කෑම දෙන්නේ. මොකක් හරි මැල්ලුමකුයි බිත්තර හරි මාළු හරි කුකුල් මස් වුණත් කමක් නෑ. පරිප්පු ගේන්න තව . පපඩම් නම් නැති වුණත් කමක් නෑ සර් . ආයේ මොකක් හරි පළතුරු ටිකක් ළමයින්ට ගෙනාව නම් ඇති ඒ ටික “

” හරි ටීච අපි එහෙම කරන්න නම්. “

මන් නුරාදගෙයි රාහුල්ගෙයි ඔලු ගෙඩි දෙකත් අත ගාලා ආවේ එළියට. කිව්වත් වගේ මන් එනකම් දමියා පොඩි උන්ගේ ඔන්චිලි පදනවා.

” සිකුරාදා දැන් එතකොට උබ එන්නැද්ද බන් “

” එනවා බන්.  දොළහට එන්නම් “

ආයේ දමියයි මායි වැඩ කරන තැනට ඇවිල්ලා අපි ඉක්මනින් ගියේ අපේ මේසවල් වලට. තාම තේ වෙලාවවත් ඇවිල්ලා නෑ.

සපුමල් එකටත් ගිහිල්ලා ක්වාටස් එකට එද්දි හතත් පහු වුණා. පරක්කු නිසාද කොහෙදෝ හාමු එළියේ කොරිඩෝ එකේ පුටුවකුත් තියන් මේ පැත්ත බලාගෙන ඉන්නව.

” ඇයි මෙච්චර පරක්කු ආ… පාන්දර නේද ගියේ ඈ දරුවෝ “

” මන් සපුමල් එකටත් ගිහිල්ලා වාහන පුරුදු වුණා හාමු. කෝ පැටියා “

” ආන් කාමරේ සෙල්ලම් කරනවා “

සපත්තු දෙකත් ගලවලා පැත්තකින් තිබ්බ මන් කමිසේ බෝත්තමුත් ගලව ගලව මයෙ හාමුගේ නළලට හාද්දක් තිබ්බා.

” ඉක්මනින් ඇග හෝදලා එන්නකෝ මන් බොන්න වක් කරන්නම් මොනා හරි මයෙ නිලූෂට “

” ලොකු දෙයක් හාමු.  මන් වඩේ ටිකකුත් ගෙනාවා මයෙ හාමු මහත්තයට ඕන් “

ඒ මූණේ හිනාවක් ඇදුනු හැටියේ මාත් හාමු මහත්තයට හිනාවක් දීලා ඉක්මනින් ගියේ ටොයිලට් එකට යන මගින්ම කලිසමත් ගලවගෙනම .

” තූති අප්පත්ති කෝම හලි තීත බාන්න ගියාලේ අප්පත්ති.  දන් අයි කියල්තකු පතියත බොලුවත ඕම සා කලන්තේ ආ අප්පත්ති. බාන්න මත කොත්තල දුත හිතෙනෝද හුම්…..”

” ඉතින් ඇයි මට ඔය මොකුත්ම දැන් වෙනකම්ම කිව්වේ නැත්තේ ආ නුරාද. බලන්න මන් ඒ කිසිම දෙයක් දන්නෑ නේ
. මොට්ටසෝරියේ කේලම් ටික ඉස්සල්ලාම කියද්දී මට ඔය ටිකත් කියන්න තිබ්බනේ ඉතින් “

පැටියා හැන්ද අරන් කවලම් කරන ගමන් එයාගේ අප්පච්චි දිහත් ඔලුව උඩට උස්සලා බල බල මූණත් රතු කරන් කෑ ගහනවා.

” අරහෙට්ට වෙන්න දැන් “

” අප්පත්ති දන් තලාද මාත් එත්ත ආ “

” ඔව් තරහයි තමයි “

මන් සරමත් කැහැපොට ගහන් තුවායත් කරට දාගෙනම අඩිය තිබ්බේ අප්පච්චියි පුතණ්ඩියයි ළගට.  හාමුගේ මූණ නම් ටිකක් හරි නෑ වගේ. ඇත්තටම මන් ඊයේ රෑත් මේ ගැන මොකුත්ම කිව්වේ නෑ නේ හැබෑට

” බාන්න තුති අප්පත්ති මෙලා පතියා එත්ත තලා වෙලා. මන් මොතුත් කලෙත් නා… “

” අපි දෙන්නා කොහොම හරි යාලු කර ගමුකො මේ අප්පච්චිව “

ඇසුත් හීනි කරන් හාමු මගෙ අතින් කෝප්පේ තියලා යන්න හැදුවත් මන් ඒක පැත්තකින් තියෙලා හාමුගේ අත් ගොබේකින් අල්ලන් මන් එයාව තුරුල් කරන් අතින් කටත් වහන් හිනා වෙවී ඉන්න පැටියට හෙමින් සැරේ ඇහැක් ගැහැව්වා.

” ඊයේ ඇයි මට කිව්වේ නැත්තේ ටීචව හම්බෙන්න එන්න කිව්වා කියලාවත්. මන් තමයි ඔයාට හැම මගුලක්ම නිදා ගන්න යන්න කලින්ම කියලා දාන්නේ “

” හරි හරි ඉතින් ඕකට ඔච්චර දෙයක් කියන්න ඕන්නෑ නේ වස්තු….. මන් මයෙ හාමුට වෙන නොකියන දේවල් තියෙනවද ම්……  එදා මයෙ හාමු මහත්තය ලෝරා ගැන පස්සේ කියන්නම් කිව්වට මන් ඒ ගැන ආයේ ඇහැව්වෙත් නෑ. මන් ඉතින් මයෙ බේබීට මේක විතරනේ කිව්වේ නැත්තේ “

පැටියත් අප්පච්චි මොනා හරි කියනකම්ම මයෙ සරම් කොණකුත් අල්ලන් බලන් හිටියේ එයාගේ අප්පච්චි දිහා වෙද්දී හාමු නුරාද දිහාටත් බැල්මක් දාලා මයෙ පැත්තට හැරුනේ එයාගේ ඇගෙන් මයෙ අත් දෙකත් අයින් කරගෙන.

” ඒක මන් කියන්ම් කියලමයි හිටියේ. ඒත් පස්සේ අමතක වුණා. හරි හරි දැන් කමක් නෑ.. යමු කිරි එක නිවෙන්න කලින් ඉද ගන්න “

              💥💥💥💥💥💥💥

මන් වෙද රාළ මහත්තයවත් එක්කරගෙන ගියේ පොඩීගේ පුංචි වලව්ව බලන්න. ඒකෙ වලව්වේ ඇතුළේ වැඩ නම් දැන් ඉවර කරලා ටික දවසක් . එළියේ වැඩ ටිකක් තමයි ඉතිරි වෙලා තියෙන්නේ.

” මේක නම් හරි සිරියාවයි ලොකු හාමු. බක්‌ මාසේ ඉවර වෙන්ඩ කලින්ම එන්ට පුළුවන් වෙයි පොඩි බේබී හාමුට නම් “

” එහෙයි වෙද මහත්තයෝ. සුබ වෙලාවක් නැකතක් තමයි වලව්වට ගොඩ වැදෙන්න දැන් බලන්න ඕනී “

” ඒක මන් බලලා කියන්නම් ලොකු හාමු. පන්සලේ ලොකු හාමුදුරුවොන්ට ත් ආරාධනා කරන්න වෙයි මහ පිරිතට”

පොඩීගේ වලව්වේ ඔන්චිල්ලාවෙන් වෙද රාළ මහත්තයා ඉද ගනිද්දී මාත් වාඩි වුණේ ඒ පැත්තකින්.  වටේටම තියෙන මහා රූස්ස ගස් වල හුළං ඇවිල්ලා බිම තියන කොළ රොඩු හිටන් අවුස්සනවා.

” ලොකු මැණිකෙගෙන් දැන් වලව්වට කිසිම කරදරයක් නෑ නේ නේද හාමු “

” නෑ හැබැයි වෙද රාළ මහත්තයෝ. ඉස්සර වගේ පෙරේත කුයිලේ එන්නෙත් නෑ නොවෑ දැන් “

” එහෙනම් කමක් නෑ. ඒකි කොහේ හරි වලව්වේ ඉඩමේ මුල්ලක් හරි ගහක් හරි අරක් ඇරගෙන පාඩුවේ ඇති. ඒකිගෙන් කරදරයක් එහෙම වුනොත් එතනින් පස්සේ තමයි ඒකිගේ ඔලුවට කුළු ගෙඩි පාරවල් සීය සීය හැම වරුවකම වැදෙන්න  ඔලු හත් කටකඩ පැලිලා යන්න “

වෙද රාළගේ ඔය කිවුම් කෙරුවා වල් නම් ඇත්තටම පුදුමයි. මයෙ මැණිකෙ ගැන නම් අනුකම්පාවක් තිබ්බා වුණත් මට කරන්න පුළුවන් කිසිම දෙයක් නෑ. ඒකිම කර ගහ ගත්ත කරුම නොවෑ. අම්මපා මේකි එක්කලා මාත් ඕවට ටිකක් හරි හවුල් වුණා නොවෑ.

” හාමුගේ අයියා ලොකු හාමු උන්හැයියේ ගැන තාම ආරංචියක් වත් නැතුවාද දැන් “

” කිසිම ආරංචියක් හම්බුන්නෑ වෙද රාළ මහත්තයෝ. කොහේ ඉන්නවද කියලා දැන්නේ කව්දෑ ඉතින්. අයියගේ දරුවත් දැන් අපේ පොඩි විතරම මහ එකෙක් වෙන්න ඇති “

මන් ආයේ මයෙ වලව්වට ආවේ ඉක්මනින් එහෙ දෙනුවන් පුතාත් ඉන්නේ තනියම නිසා. ඒකා මේ දවස් වල ලොකු විභාගෙට පාඩම් කරනවා රෑ දවල් නොබලා.  මන් ඉතින් කමනිට කියනවා මේ දවස් ටිකේම කොල්ලා කැමති දේවල් කන්න හදලා දෙන්න කියලා. අරහෙ ඉද්දි කොල්ලා කොහොම කෑවද දන්නෑ.  අම්මා කියන එකී පුළුවන් තරම් රෝන්දේ ගහනවනේ

” ලොකු හාමු  සිරීලාගේ තේ වතු කොටහේ පුංචි පුංචි සත්තු වගයක් බෝවෙලාලු ලොකු හාමු “

              💥💥💥💥💥💥💥💥

ගිහිල්ලා එන්නම් යාලුලා 🤗

බුදුසරණයි හැමෝටම 🙏

අදහස් වලට ගොඩාරියක් ගොඩාරියක් ඉස්තුතියි 🙏❤️❤️ වෝට් වලටත් ගොඩාරියක් ඉස්තුතියි යාලුලා හැමෝටම 🙏🙏❤️❤️❤️❤️❤️

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑහතරවැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑහතරවැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑහතරවැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑහතරවැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑහතරවැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හැත්තෑහතරවැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 75